Wednesday, September 12, 2012

ඹමර කවි

ඹමර කැපීමට මහ කැලේ යාම දුෂ්කර කරුණකි ඒ ගමන ගොස් ඹමර කැපීමද දුෂ්කර ක්‍රියාවකි බඹර කපීමට ගොස් රෑ ගස්  උඩ නැවති සිටින විට දැනෙන පාලුව කාංසිය මග හැරවීම සඳහා කියු කවි කීපයක් පහත දැක්වේ

උඩ මාලේ මල් වැහි වහිනවා   දුටින්
බිමzමාලේ මල් වැහි වහිනවා    දුටින්
ලිප ලිග්ගල් තුන වෙන් වෙනවාත්  දුටින්
නාගස බමර කපන්න යනවාත්   දුටින්

බැද්ද වටට සුදු මොර මල්        පිපිලා
සද්ද කර බමරු ඒ වග           අඩලා
ඉටිත් පැණිත් ලොව සැමටම     ඛෙදාලා
යන්නන් බමරු දුක් මැසිවිලි      කියාලා        
Babara Kavi